ධනවතුන් සුපිරි ධනවතුන් වන්නේ මෙහෙමයි
සල්ලි තියෙන මනුස්සයාටමයි තවත් ලැබෙන්නෙ’ යනුවෙන් සාමාන්‍යයෙන් එදිනෙදා කතාබහේදී අපිට ඇහෙන සුලබ දෙයක්. අයහපත් ආකාරයට මුදල් උපයන්නන් නොව යහපත් ආකාරයට මුදල් උපයා ධනවතුන් වූ බොහෝ මිනිසුන් නැවත නැවතත් එවන් යහපත් ක්‍රම තුළින්ම සිය ධනවත් බව සුපිරි ධනවතුන්ගේ තත්වයට ළඟා කරගැනීමට උත්සාහ ගන්නා ආකාරය අපිට දැකිය හැකියි. ලංකාවේ මෙන්ම ලෝකයේත් ඊට උදාහරණ ඕනෑ තරම්. ඇත්තටම ධනවතුන් සුපිරි ධනවතුන් වන්නේ කොහොමද? මේ සටහන ඒ ගැනයි..
රූපවාහිනියට ඇබ්බැහි නොවීම: ඔවුන් කිසිවිටෙක අසීමිත ලෙස රූපවාහිනියට ඇබ්බැහි නොවෙයි. එමෙන්ම සමාජ මාධ්‍ය තුළ වුවද සැරිසරන්නේ ඇතැම් විට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු උදෙසා විය හැකිය. නිරන්තරයෙන්ම රූපවාහිනියට හා දුරකතනයට ඇබ්බැහි වෙමින් නිකරුණේ කාලය නාස්ති කිරීමේ පුරුද්දක් ඔවුන්ට නැත.එම කාලය ද වටිනා යමකට යෙදවීම ඔවුන්ගේ පුරුද්දයි.
කාලය කළමනාකරණය කරගැනීම: වසර ආරම්භයේම සැලසුම් සකසන ඔවුන් ඒ වෙනුවෙන් කාලය කළමනාකරණය කරගනියි. තමන්ගේ අරමුණු සහ ඉලක්ක පැහැදිලිව සටහන් කරමින් එයින් ලබන ප්‍රගතිය හෝ පසුබෑම් ද සටහන් කරගනියි. අනවශ්‍ය ලෙස කාලය නාස්ති නොවීමටත් මනාව කාලය කළමනාකරණය කරගනිමින් ඉලක්ක සැපිරීමටත් සහජ හැකියාවක් ඔවුන් සතුය.
නිරෝගී පැවැත්ම : මුදල් ඉපයීම පමණක් ඔවුන්ගේ කාර්ය නොවේ. සියල්ලට ප්‍රථම නිරෝගීකම මූලික කරගත් ඔවුන් උදෑසනම අවදි වීම, ප්‍රමාණවත් නින්ද, පෝෂ්‍යදායි ආහාර රටාව, ව්‍යායාම කිරීම තම ජීවිතයේ අනිවාර්යය අංග බවට පත්කරගනියි. එනිසාම තම ඉලක්ක සැපිරීම ඔවුන්ට නම් ඉතාමත් පහසු කාර්යකි.
නොනවත්වා ඉගෙනීම : ඉගෙනීම යනු මෙතැනින් අවසන් වන දෙයක් ලෙස සීමා කළ නොහැකිය. එනිසාම ජීවිත කාලය පුරාවටම මිනිසුන් ඉගෙනගනියි. ඉගෙනීම තුළින් තම සුදුසුකම් සපුරන මිනිසුන් දිනෙන් දින ඔවුන්ගේ වෘත්තීය ඉලක්ක සපුරාලයි. නිතර නිතර පොත් කියවීම සහ දැනුම හුවමාරු කරගැනීම ඔවුන් පුරුද්දක් ලෙස සිදු කරයි.
විශාල සිහින දැකීම : සිහින දැකීමට අකමැති මිනිසුන් නැති තරම්. එමෙන්ම සිහින පසුපස හඹා යමින් ඒවා හැබෑ කරගැනීමට වෙර ගන්නා මිනිසුන් ද බොහෝයි. දිනෙන් දින සාර්ථක වන්නේ එවැනි අයයි. විශාල සිහින දැකීම පුරුද්දක් කරගත් පසු එය එලෙසම නැති වුවත් ඊට තරමක් හෝ සමීප වීමේ හැකියාව ඔබට ලැබේ. එනිසාම ඔබත් විශාල සිහින දකින්නෙක් වන්න.
සරල ජීවන ක්‍රමය : උපයන මුදලේ තරමට ජීවන පැවැත්ම වෙනස් කිරීමට ගියහොත් එය එතරම් සුදුසු දෙයක් නම් නොවේ. වෘත්තියෙන් ඉහළට යාමේදි ඒ අනුව යමින් නිවාස, වාහන, ඇඳුම් පැළඳුම්, ආහාර රටාව යනාදිය වෙනස් කිරීමට සැරසෙන්නේ නම් ඔබේ සාර්ථකත්වය තව බොහෝ දුරය. එනිසාම සරල ජීවන ක්‍රමය තෝරාගත් මිනිසුන් නිරායාසයෙන්ම සිය සාර්ථකත්වය ළඟා කරගනියි.
වැඩි කොටසක් ඉතිරි කිරීම : ඉතිරි කිරීම පුරුද්දක් කරගැනීම වැදගත් වේ. නව ආයෝජන කරා යොමුවෙමින් පමණට එහා ගිය වියදම් සීමා කරමින් ඉතිරි කරන පුද්ගලයින් සැබවින්ම සාර්ථක වේ.
එසේ නම් ඔබත් සුපිරි ධනවතෙකු වීමේ පහසු ක්‍රම අත්හදා බලන්න. වසරක් අවසානයේ එහි ඇති ප්රතිඵලදායි බව ඔබටම වැටහෙනු ඇති.
LEAVE A REPLY