Sign In / Login
Register
Lifestyle

ඔබත් සමාජ මාධ්‍ය සමඟ නින්දට ගොස් සමාජ මාධ්‍ය සමඟම අවදි වන අයෙක් ද?

July 22nd, 2021 677 VIEWS

මිනිස්සුන්ට එක එක පුරුදු තියෙනවා. ඒ අතර ඔවුන් කාලයක් තිස්සේ හුරු වුණු අතහැර දැමීමට අවශ්‍ය වුවත් අසීමිත ඇබ්බැහිය නිසාම එලෙස අතහැර දැමීමට නොහැකි ( අපහසු ) වූ පුරුදු බොහෝයි. වෙලාවක් අවේලාවක් නැතුවම ඇතැම් විට අත්‍යාවශ්‍යයම කටයුතු පවා ප්‍රමාද කරගනිමින් සමාජ මාධ්‍ය තුළ සැරිසැරීමට යොමුවීමත් මේ අතර ඉහළින්ම තියෙන පුරුද්දක්. එය කිසිසේත්ම හොඳ පුරුද්දක් ලෙස දැක්විය නොහැකියි.

හුදෙක් කාලය නාස්ති කිරීමක් පමණක්ම වන සමාජ මාධ්‍ය ඇබ්බැහිය නිසාවෙන් නාස්ති වන්නේ ඔබේ වටිනා කාලය විතරක්ම නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම ඔබේ කාලය මෙන්ම මුදල් ද, ඔබත් නොදැනීම ඔබේ ජීවිතය ද ක්‍රමයෙන් නාස්ති වීමක් එයින් සිදුවනවා. සාමාන්‍යයෙන් ඔබ දවස ආරම්භ කරන්නෙ ඇඳට සමුදීමටත් පෙරම WhatsApp status, facebook notification වැනි දෑ තුළින් නම් ඔබ කෙතරම් වියවුල් මනසකින් දවස ආරම්භ කරන්නේද යන්න ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්.. මන්ද ඔබ දැකීමට, ඇසීමට ප්‍රිය නොවන දෑ සීමාවකින් තොරව යාවත්කාලීන වන සමාජ මාධ්‍ය යනු ඔබේ දවස සුබ දවසක් කිරීමට පොහොසත් වන කාරකයක් නම් නොවේ. එයින් ඔබට ලැබෙන්නේ හිස් බවක්, කාල්පනික ලෝකයක්, බර වුණු සිතුවිලි සහිත වියවුල් මනසක් මෙන්ම නොරිස්සුම් සහගත බවක් පමණි. සුබවාදී ලෙස ධනාත්මකව ඉදිරියට යාමට සිහින දකින ඔබේ ජීවිතයට සමාජ මාධ්‍ය නොගැළපෙන තරම් !

සමාජ මාධ්‍ය තුළ ඔබ දිය කර හරින ඔබේ වටිනා කාලයට සැබෑම වටිනාකමක් ලබාදීමට හැකි නම් එය කෙතරම් අගනේද. අධ්‍යාපනික, තාක්ෂණික, ව්‍යාපාරික, සමාජීය මෙන්ම ඔබේ මනසට සහනයක් ගෙනෙන ඵලදායී යමක් උදෙසා ඔබට යම් කාලයක් වැය කළ හැකි නම් එය ඔබ හෙට දවස වෙනුවෙන් කරන ආයෝජනයක් ද වෙයි. නාස්ති වන කාලය වටිනා ලෙස සුරකින, ඔබේ මුදල් ඉතිරිකොට වටිනාකම් වැඩි කරන, බලාපොරොත්තු තුළින් සුබවාදී ලෙස ජීවිතය දෙස බැලීමට අන්තර්ජාලය භාවිතා කළ හැකි නම් තාක්ෂණික ලොවෙහි ඔබ සැබෑම දක්ෂයෙක්..

Related Articles

How Beer Is Made: A Step-by-Step Guide to the Brewing Process
DIY Painting Tips and Guide : How to select Paint for your next painting project
Apple watch best straps

LEAVE A REPLY